Quantcast
Channel: ලෙඩ රෝග – mummypages.lk-Pregnancy and Parenting
Viewing all articles
Browse latest Browse all 100

උණ ඇති වූ විට පැරසිටමෝල් ලබා දීමේදී මව්වරුන් සැලකිලිමත් විය යුතුයි නේද?

$
0
0

mummypages.lk-digital-magazine-march-edition

අනිවාර්යෙන්ම. උණ තත්ත්වයක් ඇති වූ විට පැරසිටමෝල් සිරප් හා පෙති ලබාදිය යුත්තේ දරුවාගේ ශරීර බරට අදාල මාත්‍රාව මිස දරුවාගේ වයසට අනුව නොවන බව මව්වරුන් තරයේ සිහි තබා ගත යුතුය. අධික මාත්‍රා ලබා දීමෙන්  දරුවන්ට හානිකර තත්ත්වයන් ඇති වු අවස්ථා අපි හොඳින් දැක ඇත්තෙමු- සමහර මව්වරුන් පැරසිටමෝල් ලබා දිය යුතු මාත්‍රාව පිළිබඳ දැනුවත් වුවත් සමහර අවස්ථාවලදී උණ තත්ත්වයට ඇති බිය නිසා අධික මාත්‍රාවෙන් යුතුව පැරසිටමෝල් ලබා දීමට පෙළඹේ. නමුත් සැබැවින්ම මව්වරුන් බිය විය යුත්තේ උණ ගැන නොව අධික මාත්‍රාවෙන් යුතු ඖෂධ හේතුවෙන් දරුවන්ට ඇති වන අහිතකර තත්ත්වයන් ගැනයි. සෑම විටම ඔබේ දරුවාට පැය 6කට වරක් පමණක් පැරසිටමෝල් ලබා දිය යුතු අතර, නියමිත වාර ගණනට වඩා වැඩි වාර ගණනක් පැරසිටමෝල් ලබා දීම දරුවාට හානිකර බලපෑම් ඇති කරන බව අවධාරණය කළ යුතුය.

උණ හෝ සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ප්‍රතිජීවක ඖෂධ ලබාදිය යුතුද? එසේම පැරසිටමෝල් හැර වෙනත් ඖෂධ උණ පාලනය කිරීමට ලබා දිම සුදුසුද?

උණ හෝ සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ප්‍රතිජීවක ඖෂධ ලබාදීමක් සිදු නොවේ. උණ යනු රෝග ලක්ෂණයකි. එය තවත් ශ්වසන රෝගයක් පිළිබඳ ප්‍රකාශනයක්ද විය හැකිය. උණ පාලනය කිරීමට වෙළෙඳ පොළේ ඕනෑතරම් මෙවැනි ඖෂධ (Mefatanic Acid” Ibuprofen) ඇතත් ඒවා භාවිතයෙන් අතුරු ආබාධ රැසක් ඇතිවිය  හැකිය. එසේම මෙම ඖෂධ දරුවන්ගෙ වකුගඩු වලට බරපතල ලෙස බලපානවා. ඩෙංගු වැනි රෝගී තත්ත්වයන් වලදී මෙවැනි ඖෂධ පරිහරණය කළහොත් ශරීරයේ අභ්‍යන්තර ලේ ගැලීම් ඇතිවිමෙන් ඉතා අවදානම් තත්ත්වයක් උද්ගතවිය හැකිය. එබැවින් එවැනි ඖෂධ නිර්දේශ කළ නොහැකිය.

#kidzhealth #kidzfever #fever #babycare #sinhalaarticle #kidzarticleinsrilanka #mummypagessrilankaarticle

note

The post උණ ඇති වූ විට පැරසිටමෝල් ලබා දීමේදී මව්වරුන් සැලකිලිමත් විය යුතුයි නේද? appeared first on mummypages.lk-Pregnancy and Parenting.


Viewing all articles
Browse latest Browse all 100

Trending Articles