Quantcast
Channel: ලෙඩ රෝග – mummypages.lk-Pregnancy and Parenting
Viewing all articles
Browse latest Browse all 100

දත් ඒම, හැපීම, මැලවීම, සහ අසතූටින්, සිටින බබෙක්

$
0
0

mummypages.lk-digital-magazine-march-edition

දත් ඒම, හැපීම, මැලවීම, සහ අසතූටින්, සිටින බබෙක්

අමායා ඇගේ මාස 5ක් වන පුතාට ධාන්‍ය වර්ගයකින් සෑදූ කෑමකින් හැන්දක් කවන්න උත්සහ කළා. නැවතත් ඔහු ඔහුගේ හිස හරවා, බෙරිහන් දී හඬන්නට පටන් ගත්තා. දරුවා ඔහුගෛ් අත කටේ දමාගෙන හපන්නට පටන් ගත් විට, ඔහුගේ නිකට දිගේ කෙළ ගලා ඒමට පටන් ගත්තා. අමායා ඇගේ බබාට අසනීප වී ඇතැ’යි සිතා බයවී, ඇගේ කම්මුල දිගේ කඳුළු ගලාගෙන ගියා.

නමුත්, ඒක එහෙම වෙලා නැහැ. පොඩි මිනිහාට මේ අමාරුකම් සියල්ලම ඇති වී ඇත්තේ එයාගේ දත් ඒමට පටන් අරන් නිසයි – යඑඑචථරැරැැබගඅසනසචැාස්ගදරටරැඅසනසරැඔැැඑයසබටග

දත් ඒම

■ බබාලගේ දත් ඒම යනු එයාගේ මුලින්ම එන දත්. “කිරි දත්” ‐ කියලයි අපි සුරතලයට කියන්නේ.
■ මුලින්ම දත් එනවිට බබාගේ අළුත් විදුරු මස පසාරු කරගෙන ආ යුතුයි. එය බබාට එතරම් ප්‍රසන්න අත්දැකීමක් නොවේ.
■ මේ සඳහා පැරණි ක්‍රම භාවිත කළ හැක. බබා යම්කිසි දෙයක් හෝ එයාගේම ඇඟිලි හපන විට, එයාගේ විදුරු මස මෘදු වී දතට ලෙහෙසියෙන් එළියට ඒම සඳහා, ස්වභාවික ක්‍රමයක් භාවිත කළ හැක.

දත් එනවිට ඇතිවන රෝග ලක්ෂණ :‐

■ හැසිරීමේ වෙනසක් (නොසන්සුන් බවක් ඇතිවේ)
■ මැලවුනු ස්වභාවයක් ඇතිවේ
■ විදුරු මස් ඉදිමේ
■ එයාගේ අතට හසුවන ඕනෑම දෙයක් හෝ එයාගේම අත මිට හෝ ඇඟිලි හපයි
■ කෑම අරුචිය
■ උණ ඇතිවේ
■ අසූචි කොළ පාටට පිටවේ (හැමවිටම මෙය දත් ඒම නිසාම නොවේ. එය සහතික කර ගන්න)

බබාගේ පළමු දත :

මගේ කුඞා බලු පැටවුන්ට මාස 6 දී දත් ආවා, නමුත්, සමහර බබාලට ආඞම්බරයෙන් පළමු දත මාස 3න් එනවා. කලාතුරකින් සමහර දරුවන් ඉපදෙන විටම දතේ තුඞ විදුරු මසින් උඞට මතු වී තිබෙනු දැක ගත හැක. එනිසා මුතුවන් දීප්තිමත් දත් පෙනෙන්නට පටන් ගන්නේ බබාට මාස 3-8 දක්වා වයසේදීය. ශ්‍රී ලංකාවේ බබාලටත් ඉක්මනින් දත් එනවා. එයට හේතුව, රතු බත්වල ඇති කැල්සියමි ප්‍රමාණය වැඩි නිසයි. වයස අවුරුදු 3 වනවිට, ඔබේ ළදරුවාගේ කිරි දත් 20ක් පමණ තිබිය යුතුයි.

මුලින්ම එන දතේ තුඞ දුටු විට, එම දිනය සටහන් කර ගන්න. තවද මතක සටහනක් ලෙස තබා ගැනීමට ඡායාරූපයක් ගෙන ෆයිල් කවරයක අමුණා තබා ගන්න.

මුලින්ම අමිමලා බවට පත්වූ, නොදැමුනු දරුවන් ඇති අමිමලා, බලාපොරොත්තු නැති කර ගත යුතු නොවේ. මතක තියා ගන්න, බබාලගේ දත් ඒම බබාලගේ වැඩීම සමිබන්ධව සාමාන්‍ය දෙයකි. ගොඞක් අමිමලා දත් එනවිට ඇතිවන රෝග ලක්ෂණ වලින් වැලකීමට භාවිත කරන පහසු ප්‍රතිකාර භාවිතා කරන්න උත්සහ කරන්න.

දත් එන අවස්ථාවේදී භාවිත කරන වළළු – ඉතා විශේෂිත, පහසුවෙන් භාවිතා කළ හැකි, විෂබීජ නැසූ, මෙම වළළු බබාට හැපීමට දෙන්න, ඔහුගේ හෝ ඇගේ හදවත සතුටු වනතුරු. විෂබීජ නසන වතුර ඇතුලට දැමූ, මෘදු ප්ලාස්ටික් වළලු ශීතකරණයේ තබා, යමිකිසි ප්‍රමාණයකට සීත කර දිය හැකි නමි, එය බබාට තවත් පහසුවක් වෙනු ඇත. ඊ-වෙළඳපොළේ ඇති දත් එනවිට භාවිත කරන විශේෂ වර්ගයේ උපකරණ පරීක්‍ෂා කරන්න.

එහෙත් ස්ථූල ඇඟිලි හපන එක තරමි තවත් හොඳ දෙයක් තව තියෙයනවාද? නමුත් අම්මි, බබාගේ තුවාල වූ විදුරු මස මෘදු ලෙස අත ගාන්න. හැබැයි මතක තියා ගන්න, ඔබේ අත් හොඳින් සෝදාගෙන, බබාව ඔබේ උකුල උඞ පහසුවෙන් තබාගන්න. ආච්චි කියාවි, ශ්‍රී ලංකාවේ බබාලට මීපැණි හෝ බටර් තවරා අත ගාන්න කියා. නමුත් අළුත් සොයා ගැනීම් වලට අනුව ළමා වෛද්‍යවරයාගේ අදහස් දැනගන්න එක වඞා හොඳයි.

■ තව විකල්පයක් නම්, විෂබීජ නැසූ ශීතකරණයේ තබාසීත කළ තෙත් රෙදි කැබැල්ලක්

■ මේ අවස්ථාවට වඞා හොඳ සීතල කෑමයි. යෝගට් සහ සීත කළ කෑම ආදී විවිධ දේවල් දී බබා කැමති කුමන ආහාරයටද බලන්න

■ ඉදිමුන වීදුරු මස් ඉතා අමාරු නම්, ඔබේ ළමා විශේෂඥ වෛද්‍යවරයා හමුවන්න. ඔහු මෘදු ඖෂදීය ජෙල් වැනි ආලේපයක් දී ඔබට උදව් කරාවි

ඉතින්, කරදර වන්න එපා. දත් ඒම බබාගේ වර්ධනයේ ප්‍රතිඵලයකි. සමහරු එම අවස්ථාව කරදරයකින් තොරව ගත කරන අතර සමහරුන්ට අම්මාගෙන් අමතර සැලකිල්ලක් අවශ්‍ය කරනවා.

හොඳ දත් දෙපළක් ලැබේවා !

 #babyteeth #babyteethcare #teetharticleinsrilanka #sinhalakidzteetharticle #sinhalaarticle

note

The post දත් ඒම, හැපීම, මැලවීම, සහ අසතූටින්, සිටින බබෙක් appeared first on mummypages.lk-Pregnancy and Parenting.


Viewing all articles
Browse latest Browse all 100

Trending Articles