බොහෝ මවුවරු ගර්භනී සමයේදී කොන්ද කැක්කුම පිලිබදව මැසිවිලි නගනවා. ගර්භානිභාවයට බලපාන ප්‍රධාන හෝමෝනය වන ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය වැඩිපුර ස්‍රාවය වීම මගින් ඔබේ සන්ධි, බන්ධනී හා මාංශ පේශිවල ලිහිල් වීමට හා ඇදීම සදහා උපකාරීවේ. මෙමගින් දරුවාගේ වර්ධනයට ඉඩකඩ සැපයීමත් දරු ප්‍රසුතිය සදහා ඔබව සුදානම් කිරීමත් සිදුකරයි. එමෙන්ම මෙම කාලයේදී ඔබේ අමතර බර වැඩිවීමක් සිදුවේ. අමතරව බරක් දරාගැනීමට සිදුවීම නිසා ඔබේ ඉරියව්වේ වෙනසක් ඇතිවේ. මෙම වෙනස්කම් ඔබේ කොන්දට හා ශ්‍රෝණි සන්ධි වලට අධික ලෙස බලපායි. එය කොන්දේ කැක්කුම ඇතිවීමට හේතුවේ. ඔබ ගැබ් ගැනීමට පෙර සිටම තරබාරු නම්, වයස අවුරුදු 35ට වැඩිනම් දෙවැනි හෝ තුන්වැනි දරුඋපත සිදුකිරීමට බලාපොරොත්තු වේ නම් මෙම තත්වය බොහෝ දුරට ඇතිවිය හැකිය.
කොන්දේ කැක්කුම පාලනය කිරීම
ගර්භනී කාලය තුල පහත සදහන් දේ පිළිබද දැනුවත් වීමෙන් හා ඒවා ක්‍රියාවට නැංවීම මගින් කොන්දේ කැක්කුම අවම කරගත හැකිය.
- දීර්ඝ වේලාවක් සිටගෙන සිටීමෙන් වලකින්න : දිගුවේලාවක් සිටගෙන සිටීමෙන් මාංශ පේශි හා බන්ධනී වෙහෙසට පත්වීම නිසා කොන්දේ කැක්කුම ඇතිවේ. එම නිසා ගෙදර දොර වැඩ සිදු කිරීමේදී දිගු වේලාවක් සිටගෙන සිටීමෙන් වලකින්න. එමෙන්ම සිටගෙන සිටින විට විවේකයක් ලබාගන්න.
- සිටගෙන සිටීමේදී නිවැරදි ඉරියව් පවත්වා ගන්න : කෙලින් සිටගන්න. ඉදිරියට නැමී හෝ කුදු වී සිටීමෙන් වලකින්න.
- ඉදගැනීමේදී කොන්ද කෙලින් සිටින ලෙස පහසුවෙන් ඉදගන්න : විශේෂයෙන් ඔබ වැඩ කිරීමේදී පහසු පුටුවක් භාවිතා කරන්න. පරිඝනකය සමග ඔබ වැඩ කරන්නේනම් තිරය හා කී බෝඩ් එක ඔබට ඉදිරියට නැවීමට අවශ්‍ය නොවන ලෙස පහසුවෙන් තබා ගන්න.
- බරක් ඉසිලිමේදී නිවැරදි ඉරියව් භාවිතා කරන්න : කොන්ද කෙලින් තබා දණහිස් වලින් නැවීම බරක් ඉසිලිමේදී යොදා ගන්න.
- ඉතා අධික බරක් ඉසිලීමෙන් වලකින්න. ඒ සදහා උදව් ලබාගන්න.
- පැත්තකට හැරීමේදී කශේරුකාව හැරවීම නොකරන්න. එහිදී සම්පුර්ණ ඇගම හැරවීම සිදු කරන්න.
- බර එක සමානව බෙදා හරින්න. ගෙදරට අවශ්‍ය බඩු රැගෙන ඒමේදී අත් දෙකටම ඒවායේ බර බෙදෙන පරිදි අල්ලා රැගෙන එන්න.
- හොද”බ්‍රේසියර” සදහා මුදල් යොදවන්න. පියයුරු වලට හොදින් උපකාර කරන කප් සහිත පටි මහත බ්‍රේසියර එකක් ඇඳීමට සැලකිලිමත් වන්න. එමගින් ඔබේ උරහිස් මතට අමතරව ඇති කරන බර අවම කර ගත හැකිය.
- අඩි උස පාවහන් පැලදීමෙන් වලකින්න. ඔබේ බර පහසුවෙන් බෙදී යන ලෙස ඇති පාවහන් පළදින්න.
- රස්නය ඇති(අධික උෂ්ණත්වය නැති )තුවායක් හෝ බෝතලයක් කොන්දට තැබීමෙන් වේදනාව අඩු කර ගත හැකිය.
- අවශ්‍ය තරම් විවේකය ලබා ගන්න : විශේෂයෙන් ගර්භනී සමය අවසානයේදී වඩා වැදගත්වේ.
- තද /ඝන මෙට්ටයක් භාවිතා කරන්න. එමෙන්ම මෘදු මෙට්ට භාවිතයෙන් වලකින්න. බොහොමයක් ශ්‍රී ලාංකීය මවුවරු රුපවාහිනිය බලන්නේ හාන්සි වී, ඒ වෙනුවට පුටුවක් භාවිතා කරන්න. එය පහසුකම් අඩු වුවද කොන්දේ කැක්කුම ඇතිවීම අවම කරයි. මෙහිදී කොන්ද කෙලින් තබාගෙන රුපවාහිනිය බලන්න.
- පිට සම්භාහනය : මෙමගින් මාංශ පේශි ඉහිල් වන අතර වේදනාව වැඩි වීම අවම කෙරේ. ඔබේ සහකරුවාව පිට සම්භාහනය කිරීම සදහා සහභාගී කරගන්න. (එය කොන්දේ කැක්කුමෙන් වේදනා විදිනවාට වඩා සහනයක් ඔබට ලබා දෙනු ඇත.)
- ගර්භනී සමයේදී භාවිතය සදහා ඇති විශේෂ කොට්ට(maternity pillows)භාවිතා කරන්න. දෙපසට හැරි නිදා ගැනිමේදී මෙම කොට්ටය ඔබේ උදරය යටින් තබා ගන්න.
- උපකාරක බදපටි භාවිතා කරන්න. මෙමගින් ඔබේ උදරය මගින් දරා සිටින දරුවාගේ බරින් කොටසක් දරා ගැනීමත් ,කොන්දේ මාංශ පේශි වලට හා සන්දි වලට එම බර දරා උපකාර කිරීමත් සිදුවේ.
- පහසු ව්‍යායාම හා මාංශ පේශි ඇදීම සිදු කිරිමෙන් කොන්දේ කැක්කුම අවම කරගත හැකිය. පිහිනීම මේ සදහා ඉතා හොද ව්‍යායාමයක් වේ. මේ සදහා සිදුකරන ව්‍යායාම පිලිබදව “ව්‍යායාම “යන ලිපියෙන් තව දුරටත් දැනගත හැකිය.
- ගර්භනී සමයේ පැරසිටමෝල් ලබා ගැනීම ඔබටත් දරුවටත් ආරක්ෂාකාරීවේ. නමුත් හැම විටම ප්‍රමාණය පිළිබද සැලකිලිමත් වන්න.
ඔබ දිගින් දිගටම කොන්දේ කැක්කුම නිසා පීඩාවට පත්වෙයි නම් වෛද්‍යවරයා විසින් ඔබව භෞත චිකිත්සකයකු හෝ වේදනා සමනය කිරීමට ඇති සායන සදහා යොමු කරනු ඇත. මෙහිදී වේදනා සමනය සදහා විශේෂිත ව්‍යායාම ලබා දෙනු ඇත.
#duringpregnancy #pregnancy #pregnancycare #pregnancycheckup #pregnancytime #pregnancytips # pregnantmother #pregnantwomen #pregnancypain
The post ගර්භනී සමයේදී කොන්දේ කැක්කුම ඇතිවීමට බලපාන හේතු appeared first on mummypages.lk-Pregnancy and Parenting.