මගේ කුඩා දුව ඉපදෙන විට, මා බලාපොරොත්තු වූවාට වඩා ඉතාමත් කුඩා නිසා, මම ඇයව වඩා ගැනීමට පවා බිය උනා. ඇගේ සම ඉතාම සිනිඳු වූ අතර, ඉතා දුර්වල තත්ත්වයකින් තිබුණා. ඇගේ සම ඉරී යා හැකියයි කියා මට බය සිතුනා.
අළුත උපන් බිළිඳුන්ගේ සම රැළි වැටී ඇති අතර, එය වසා ඇති තෙල් සහිත ආවරණය “වර්නික්ස්” නමින් හැඳින්වේ. එය සාමාන්‍යයෙන් පළමු සතිය තුළ ගැලවී යයි. එය සම මෘදු කරන ද්‍රව්‍ය, ප්‍රෝටීන් සහ සම බැක්ටීරියා වලින් ආරක්ෂා කරන ද්‍රව්‍ය වලින් යුක්ත වේ. එම සම ආරක්ෂා කරන ද්‍රව්‍ය ඉවත් වී ගිය පසු, අවට පරිසරයේ ඇති ක්ෂුද්‍ර ජීවීන්ට බබාගේ සම නිරාවරණය වේ. සම වියළි වූ විට, එහි නොයෙකුත් නිෂ්පාදිත ද්‍රව්‍ය මව විසින් ආලේප කරනු ලබයි.
අළුත උපන් බිළිඳුන්ගේ සම ඉතා සිවුමැලි වේ. ශ්‍රී ලංකාවේ පවතින නිවර්තන කලාපීය දේශගුණික තත්ත්වය නිසා, නොයෙකුත් රසායනික ද්‍රව්‍ය, සුවඳ විලවුන් සහ රෙදි වලට දමන ඩයි වර්ග, කුණු පහ කරන රෙදි සෝදන කුඩු වර්ග නිසා බබාගේ සිනිඳු සම කැසීම, වියළීම, කුෂ්ඨ ඇතිවීම, තුවාල වීම ආදී දේ සිදුවිය හැක.
බබාගේ සම ආරක්ෂා කිරීම සඳහා කළ යුතු සහ නොකළ යුතු දේ:
කළ යුතු දේ :
- බබාව සතියකට 2 – 3 වරක් නාවා පිරිසිදු කළ යුතුය. නිතර බබාගේ මුඛය සහ ඉණකඩ හෙවත් නැප්කින් වලින් ආවරණය වන පෙදෙස නිතර උණුසුම් ජලයෙන් සෝදා පවිත්‍ර කළ යුතුයි.
- අලුත් ඇඳුම් බබාට ඇන්දවීමට පෙර සෝදා පවිත්‍ර කළ යුතුයි. බබාගේ ඇඳුම් සහ නැප්කින් සේදීමේදී වඩා සැර නැති, මෘදු සේදීම් කුඩු වර්ගයක් සමඟ උණුසුම් ජලය භාවිතා කළ යුතුයි.
- ඔබේ බබාගේ සම ඉතා වියළි නම්, ළමා වෛද්යවරයාගේ උපදෙස් අනුව මෘදු ආලේපනයක් බබාගේ සම මත ආලේප කරන්න
- බබාගේ ඩයපර් තෙමී ඇති විට, වහාම එය ඉවත් කර, පිරිසුදු ඩයපරයක් අන්දවන්න. අපිරිසිදු ඩයපර් මගින් සමේ දද, කුෂ්ඨ ආදිය ඇතිවේ.
- සෑමවිටම ඩයපර් මාරු කරන විට, බබාගේ එම ප්රදේශය උණුසුම් වතුරෙන් සෝදන්න.
- වියළි කාලගුණයක් පවතින විට, බබාට ඉතා සිනිඳු, පහසු ඇඳුම් ඇන්දවිය යුතුය. එසේ නැතහොත්, දහඩිය නිසා, බබාට දහඩිය බිබිලි ඇතිවිය හැක.
නොකළ යුතු දේ :
- බබාව නිතර නාවන්න එපා. . එවිට බබාගේ සම ආරක්ෂා කරන ස්වභාවිකව පවතින තෙල් ගතිය ඉවත් වී සම දද, කුෂ්ඨ වැනි දේ වැළඳ ගැනීමට ඇති ඉඩකඩ වැඩි වේ.
- බබාට මුල් මාස කීපය තුළ බබාලාට විශේෂයෙන් නිෂ්පාදිත සබන්, ක්රීම් වැනිදේ භාවිතා කරන්නඑපා. එයට හේතුව වන්නේ බබාගේ විෂබීජ වලට විරුද්ධව සටන් කරන ප්රතිශක්තිකරණ පද්ධතිය තවමත් දියුණු වෙමින් පැවතෙන බැවිනි.
- බබාට ඩයපර් නිසා සෑදෙන කුෂ්ඨ රෝගයක් වැළඳී තිබේ නම්, එම ප්රදේශය තදින් අතුල්ලන්න එපා.
- සුවඳ විලවුන්, දහඩිය මකන නොයෙකුත් නිෂ්පාදිත ද්‍රව්‍ය සහ සැර සබන් වර්ග භාවිතා කිරීම අළුත උපන් බිළිඳුන්ට යෝග්‍ය නොවේ.
- දහඩිය බිබිලි වලට වෙළඳ පොළේ ඇතිනොයෙකුත් නිෂ්පාදිත ක්රීම් වර්ග නුසුදුසුය.
කෙසේ නමුත්, ශ්‍රී ලාංකික මව්වරුන්ට ඉතාම හොඳ අවවාදය නම්, අළුත උපන් බිලිඳුන් සඳහා විශේෂයෙන් පිළියෙළ කළ මෘදු සුවඳ වර්ග, ෂැම්පු වර්ග, ස්නානය සඳහා භාවිතා කරන ජෙල් වර්ග, ලෝෂන් ආදී දේ පමණක් භාවිතා කරන්න. ඒ සෑම ද්‍රව්‍යක්ම භාවිතා කිරීමෙන් අනතුරුව බබාට යම් ආසාදිත තත්ත්වයක් ඇති වේදැ’යි ඉතා සුපරීක්ෂාකාරී වන්න.
ශ්‍රී ලංකාවේ පවතින නිවර්තන කලාපීය දේශගුණය හේතුවෙන්, අළුත උපන් බිළිඳුන්ගේ සම වියළී යාමට ඇති ඉඩකඩ වැඩි බැවින්, මව්වරුන් ඒ පිළිබඳව ඉතා අවධානයෙන් සිටිය යුතු වේ. ඝනකමින් වැඩි ක්‍රීම් වර්ග සහ ආලේපන බබාලාගේ සම මෘදුව තැබීම සඳහා උපකාරී වේ.
KEYWORDS :
#babyskin #babyskincare #newbornbaby #babyskincream #babycream #babyarticle #sinhalababyarticleinsrilanka #sinhalaarticle #newbabyskincarearticle
The post බබාගේ සම රැකගන්නේ කොහොමද? appeared first on mummypages.lk-Pregnancy and Parenting.