පැපොල රෝගය
පැපොල රෝගය යනු වෛරසයක් නිසා ඇතිවන රෝග තත්වයකි. මෙය VARICELLA ZOSTER VIRUS නමින් හඳුන්වනු ලබයි. ගර්භණි සමයේ පැපෝල රෝගය ඇතිවීම මවට මෙන්ම දරුවාටද අහිතකරයි. පැපෝල රෝගය එක්වරක් සැදුනහොත් නැවත වරක් නොසැඳේ, මෙයට හේතුව මෙම රෝගය සැදීමෙන් ශරීරය තුළ ප්‍රතිශක්තිකරණයක් ඇති කිරීමයි. මෙම රෝගයේ මුලික රෝග ලක්‍ෂණය නම් ශරීරය පුරා බිබිලි මතුවීමයි මෙයට නිසි ප්‍රතිකාර ලබාදීමෙන් බිබිලි කැඩී කුඩා තුවාල බවට පත්වේ. ගර්භණි කාන්තාවකට පැපොල රෝගය සැදී නිසි ප්‍රතිකාරයක් ලබා නොගත්තේ නම් නියුමෝනියා තත්වයකටද මුහුණ දිමට සිදුවේ. එබැවින් එක්වරක්වත් ඔබට පැපොල රෝගය වැළදි නොමැති නම් ඔබ ගර්භණි අවධියේ සිටින කාන්තාවක් නම් අවධානයෙන් සිටීම වැදගත්ය. එලෙසම ඔබ ගර්භණී මාතාවක්නම්, පැපොළ රෝගය වැළඳුන කෙනෙකු සමඟ කතාබහ කිරීම , ඔවුන් සමඟ සමීපයෙන් ආශ්‍රය කිරීමෙන් වළකින්න. මෙමගින් ඔබ මෙන්ම ඔබගේ ගැබ තුළ වැඩෙන දරුවාද ආරක්‍ෂිත වනු ඇත. ඔබට යම් හෙයකින් මෙලෙස පැපොල රෝගියකුට නිරාවරණය වීමට සිදුවුවහොත් හැකි ඉක්මනින් වෛද්‍යවරයෙකු හමු වී නිසි ප්‍රතිකාර ගෙන ඇතිවිය හැකි සංකුලතා අවම කර ගන්න.
KEYWORDS:
#chickenpoxinpregnancytime #pregnentmother #pregnancycare #sinhalaarticle #papolarogaya #pragnancyarticle
The post ගර්භණි අවධියේ පැපොල රෝගය අවදානම්ද? appeared first on mummypages.lk-Pregnancy and Parenting.