උණ රෝගියෙකු ස්නානය කිරීම සුදුසුද යන්න කෝණ දෙකකින් විග්‍රා කළ හැක එකක් ශරීරයේ පවතින උෂ්ණත්වය අවම කිරීම සඳහා ප්‍රතිකාරයක් ලෙස සහ අනික පිරිසිදු වීමට උපකාරයක් ලෙසිනි බොහෝ වෛරස් උණ ප්‍රතිශක්තිකරණ පද්ධතිය කෙරෙහි යම් බලපෑමක් ඇති කරන අතර, දරුවා වෙනත් ආසාදන තත්ත්වයන්ටද ගොදුරු කරනු ලබයි එබැවින් දරුවාගේ පිරිසිදු බව රැකගැනීමද ඉතා වැදගත්’ සමහර දෙමව්පියන් දරුවන්ගේ රෝගී තත්ත්වය පහවූ පසුවද දරුවන් නෑවීම පමා කරයි නැවත මෙම දරුවන්ව වෛද්‍යවරුන් වෙත යොමු කරන්නට සිදුවන්නේ ඇතැම් විට අපිරිසිදුකම නිසා ඇති වන බරපතල ආසාදන තත්ත්වයන් හේතුවෙන් විය හැකිය’ කෙසේ වුවද රෝගය සමහන් වූ පසු දරුවා නෑවීම ඉතා වැදගත්ය ඒ මගින් දරුවා නැවත රෝගී වීම වළක්වා ප්‍රකෘතිමත් තත්ත්වයට පත් කරනු ලබනවා
උණ හා සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීමෙන් දරුවා ආරක්ෂා කරගැනීමට කළයුත්තේ කුමක්ද?
පළතුරු සහ එළවළු සමග සමබල ආහාර වේලක් ලබාදීම, ගෙදර දොර කටයුතුවලදී නිරන්තරයෙන් අත් සේදීම, ස්නානය, රාජකාරි සඳහා නිවසින් බැහැරව යන දෙමාපියන් නැවත නිවසට පැමිණි විට දරුවන් ළඟට ගැනීමට පෙර පිරිසිදු වීම, නිවසේ අයෙකුට වෛරසය ආසාදනය වූ විට නිතර හොඳින් සබන් ගා අත් සේදීම හා කිවිසුම් යන විට බිඳිති විසිරීම වැළැක්වීම සඳහා මුඛ ආවරණයක් භාවිත කිරීම. එසේම මව්කිරි දෙන මවකට ආසාදනය ඇති වූ විට අනිවාර්යයෙන්ම මව්කිරි දෙන අවස්ථාවේදී මුඛ ආවරණයක් භාවිත කිරීම. පෙර සඳහන් කළ පරිදිම, තද උණ සමග ඇතිවන සෙම්ප්‍රතිශ්‍යාව රෝග ලක්‍ෂණයක් පමණක් වන බැවින් ඒ සමග දරුවාගේ ඇතිවන උදාසීන බව, නොසන්සුන් බව, ආහාර ප්‍රතික්ෂේප කිරීම වැනි තත්ත්ව පවතින විටදී වෛද්‍යවරයකු වෙත දරුවා යොමු කිරීම වැදගත්ය. උණ යනු අප හැමෝම දන්නා පරිදි සිරුර තුළ පවතින යම් රෝග තත්ත්වයක් පෙන්නුම් කිරීම උදෙසා ශරීර උෂ්ණත්වය ඉහළ නැංවීමකි. එනම් උණ යනු රෝග ලක්‍ෂණයකි.
ඔබේ ගැටලුත් අපට එවන්න
#babyhealthcare #babyfever #medicine #doctoradvice #srilankababyarticle #babysinhalaarticle
The post දරුවකුට උණ සෙම්ප්‍රතිශ්‍යාව වැළඳී ඇති විට ඇඟ සේදීම හා ස්නානය කිරීම සුදුසුද ? appeared first on mummypages.lk-Pregnancy and Parenting.