ළදරුවකු උපත ලැබූ පසු මලපහ කිරීම පමා වුවහොත් වහාම වෛද්‍යවරයකු වෙත යොමු කළ යුතුය. දරුවන්ගේ මලබද්ධය පිළිබඳ ගැටලුව මතුවන්නේ ආහාර ලබා දීම ආරම්භ කරනවාත් සමගයි. මලබද්ධය ඇති වීමට ප්‍රබලම සාධකය නිසි ආකාරයට සමබල ආහාර වේලක් නොගැනීමයි. එළවළු හා පළතුරු ආහාර වේලට ඇතුළත් කරගැනීමත් ඉතා වැදගත්. කෙඳි සහිත අහාර වැඩිපුර ලබා දීම එනම් කෙසෙල් මුව, කොහිල, අඹ වගේම කොළ මැල්ලුම් හා දියර වර්ග වැඩි වශයෙන් ලබා දීමට වගබලා ගතයුතුයි.
ඊට අමතරව වැඩිපුර සියඹලා, ගස් ලබු වැනි දේ ආහාරයට ගැනීමෙන් මලපහ කිරීමට පහසුවක් ලබා දෙයි. අද සමාජයේ කාර්ය බහුලත්වය සමගම පෙර පාසල් යන දරුවාගේ සිට පාසල් යන දරුවන්ටත් මලබද්ධය පිළිබඳ ගැටලුව දකින්න ලැබෙනවා. බොහෝ දරුවන්ගේ උදෑසන ආහාරය වන බනිස්, රෝල්ස්, පේස්ටි්‍ර වැනි ක්ෂණික ආහාරත් මලබද්ධයට විශේෂ හේතුවක්. මෙන්න මේ විදිහට ආහාර රටාව වෙනස් කරන්න ඔබට පුළුවන් නම් දරුවා මලබද්ධය තත්ත්වයෙන් මුදා ගන්නට හැකිය. ඒ වගේම තයිරොයිඞ් රෝගය නිසාද මලබද්ධය ඇති විය හැකිය. එනිසා ළදරුවකු ඉපදුණු පසු තයිරොයිඞ් පරික්ෂණය සිදු කරගැනීමත් වඩාත් යෝග්‍යයි. මවක් වශයෙන් එහි වගකීම හිමිවන්නේ ඔබටය. එනිසා නිරන්තරයෙන් දරුවන් සමබල ආහාර වේලකින් සවිමත් කරන්න.
එන්නත් ලබා දීමේදී ඒ සඳහා නුසුදුසු අවස්ථා මොනවාද?
දරුවන්ට උණ වැළඳී තිබීම හා එන්නත් සඳහා ආසාත්මිකතා තිබෙන විට එන්නත් ලබාදීම සුදුසු නොවේ. කැස්ස, හෙම්බිරිස්සාව නිසා නම් දරුවාට එන්නත් දීම පමා කිරීම අවශ්‍යවන්නේ නැහැ. එන්නත් කිරීමට ප්‍රථමව වෛද්‍යවරයකු දරුවා පරික්ෂාවට ලක්කරන බැවින් එන්නත් කිරීමේ අවදානමක් තිබේද නැද්ද යන්න වෛද්‍යවරයා තීරණය කරනු ඇත.
KEYWORDS :
#childcare #kidzhealth #newbornbaby #motherandbaby #babyhealtharticle #sinhalaarticle
The post පීඩාකාරී මලබද්ධයෙන් දරුවන් මුදවාගන්නේ කෙසේද? appeared first on mummypages.lk-Pregnancy and Parenting.