Quantcast
Channel: ලෙඩ රෝග – mummypages.lk-Pregnancy and Parenting
Viewing all articles
Browse latest Browse all 100

දරුවා නැහැවීමේදී

$
0
0

mummypages.lk-digital-magazine-march-edition

බිළිදා සාමන්‍ය උපත්බර සහිත දරුවෙක් නම් නිරෝගිමත් දරුවෙකු නම් එවන් දරුවකු දිනපතා වූවද නැහැවීම වරදක් නොවෙයි

අපේ රටේ පවතින අධික ඌෂ්ණත්වය නිසා දරුවන් බොහෝවිට අසහනයට අපහසුකාරිබවට පත්වන අවස්ථා දක්නට ලැබෙයි ඇතැම් විට දරුවා නිතර හඩන්නේද ඉහත කී හේතුව නිසා ඔවුන් නොසන්සුන් තත්වයකට පත්වීම නිසා විය හැකියි. අධික ඌෂ්ණය සහිත කාලවල කිහිප වරක් හෝ දරුවාගේ ඇග සේදීම ඔවුන්ව පිරිසිඳුව තබා ගැනිම නිසා දරුවා ප‍්‍රබෝධමත්ව සිටින අතරම එය ඔවුන්ට සුව නින්දක් ලබාදීමටද හේතුවෙයි.

දරුවා නැහැවීමේදී අවධානයට යොමුවිය යුතු කරුණු කීපයක් ගැන දැන් විමසා බලමු

මුල්ම කාලයේදී මව්වරුන් දරුවා නැවිමේදී දරුවාගේ සම විෂබීජ වලින් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් දරුවා නහවන වතුර බේසමට කහ, වෙනිවැල්, ලූණුවිල ආදිය එක්කරගත් අවස්ථා තුබුණි. දරුවා විෂබීජ වලින් ආරක්ෂා කර ගැනීමට මෙන්ම දරුවාට ප‍්‍රබෝධමත් බවක් සුවයක් ලබාදීමට මෙම ඖෂධීය ගුණය බෙහෙවින් ඉවහල් වන බව එදා මව්වරුන් හොඳින්  වටහා ගෙන තිබුණි

නමුත් මේවන විට මව්වරුන් කාර්ය බහුල වීමත් සමගම මෙම ඖෂධ යොදාගැනීමේ අපහසුතාවය මත ඉහත කී ඖෂධයන්හී සාරය යොදාගනිමින්  සකසනු ලබන ළදරු නිෂ්පාදන භාවිතයට මව්වරුන් නැඹුරු වී ඇත ඖෂධීය ශාකසාර මුසුකරගත් ප‍්‍රමිතියෙන් යුත් ළදරු නිෂ්පාදන. විශ්වාසයෙන් යුතුව භාවිතා කිරීමට දැන් හැකියාව ලැබී තිබෙයි

බිළිදා නැහැවීමට වතුර සූදානම් කරගත යුත්තේ කෙසේද?
ළදරුවා නැහැවීමේදී යොදාගැනීමට වඩාත් සුදුසු වන්නේ ඇල්මැරුණු ජලයයි. එනම් සීතල නොමැති වී මද උණුසුම් ජලයයි මුලින්ම ඇල්වතුර බේසමට යොදා එයට අවශ්‍ය ප‍්‍රමාණයට උණුවතුර එක්කර ගැනීම සුදුසු වෙයි එසේ නොමැතිව උණුවතුර භාජනයට ඇල්වතුර එක්කිරීම නොකල යුතුයි ඇතැම්විට එය අවදානම් සහිත වීමටද ඉඩ ඇතදරුවා නැහැවීමට පෙර බේසමට යොදාගත් වතුරවල ඌෂ්ණත්වය නියමිත ආකාරයටම තිබෙද යන්න පරික්ෂා කර බැලීම වැදගත්වන අතර මෙහිදි මව තම වැලමිට ප‍්‍රදේශය වතුර බඳුනට බහා ඌෂ්ණත්වය ප‍්‍රමාණවත්ද යන්න ගැන පරික්ෂා කිරීමෙන් ඒ පිළිබඳව වටහා ගත හැකිවෙයි ඌෂ්ණත්වය දැඩිව පවතින කාළගුණික තත්වයකදී දරුවා නැහැවීම සඳහා ඇල්වතුර පමණක් යොදා ගැනීම වරදක් නොවේ නමුත් බරින් වඩාත් අඩු එනම් කිලෝ දෙකකට වඩා බර අඩු බිළිදුන් ඇල්වතුරෙන් නැහැවීම නොකළ යුතුයි. හේතුව එවන් දරුවන්ගේ ඌෂ්ණත්වය පහල යාමේ අවදානමක් පැවතිය හැකි නිසයි

මෙවන් තත්වයක පසුවන දරුවන් නැහැවීමෙන් වැලකී පිරිසිඳු ජලයෙන් පොගවාගත් රෙදි කඩයකින් බිළිදාගේ සිරුර පිරිසිඳු කරලීම වඩාත් උචිතවෙයි.

                        වෛද්‍ය උපදෙස් ඇසුරෙනි

baby skin care ,baby skin ,tiki baby article,tiki baby baby article sinhala,baby skin article,srilanka sinhala article,mummy pages lk article #babybathingtime

note

The post දරුවා නැහැවීමේදී appeared first on mummypages.lk-Pregnancy and Parenting.


Viewing all articles
Browse latest Browse all 100

Trending Articles