Quantcast
Channel: ලෙඩ රෝග – mummypages.lk-Pregnancy and Parenting
Viewing all articles
Browse latest Browse all 100

අස්වාභාවික දරුවන් හදා වඩා ගැනීම

$
0
0

mummypages.lk-digital-magazine-march-edition

නයනාගේ වයස අවුරුදු 55යි.  ඇගේ අළුත උපන් බබාට ඇත්තේ හොඳින් වැඩී නොමැති (විකෘති ) පාද සහ ඔහුට ආධාරකයක් නොමැතිව ඇවිදීමට අපහසුය.  නයනාගේ බලාපොරොතු සියල්ල බිඳ වැටී, ඇයට ජීවිතයේ  සත්‍යයට මුහුණ දීමට සිදු උනා.

ශ්‍රී ලංකාවේ දරුවන්ගේ ශාරීරක සහ අසාමාන්‍ය විකෘති දරු උපත්, එම දරුවන් බිහි වීමට පෙර සොයා ගැනීමේ ක්‍රම ඇත.

දරු උපතට පෙර සොයාගැනීම්

ජාන විකෘතිතාවය –   සහ සහජ විකෘතිතාවයන් දරු උපතට පෙර ස්කෑන් පරීක්ෂණ සහ රුධිර පරීක්ෂණ මගින් සොයා ගැනීමේ ක්‍රම දැන් ලංකාවේ ඇත.

දරු උපතට පෙර සොයාගැනීම්

ජාන විකෘතිතාවයන් – සහ සහජ විකෘතිතාවයන් දරු උපතට පෙර ස්කෑන් පරීක්ෂණ සහ රුධිර පරීක්ෂණ මගින් සොයා ගැනීමේ ක්‍රම දැන් ලංකාවේ ඇත.  එම දරුවන්ගේ අසාමාන්‍ය ලක්ෂණ සොයා ගැනීමට ඇත්නම්, ඒවා පිළිබඳ තව දුරටත් පරීක්ෂණ මෙහෙය වනු ලැබේ.  අසාමාන්‍ය දරු උපත් පිලිබඳ කළල අවස්ථාවේදීම සොයා බලනු ලැබේ.  amniocentesis –   සහ මොන්ගොල්භාවය Down Syndrome –   ස්නායු සම්බන්ධ විකෘති භාවයන් Neural Tube defects –   Tube defect සහ තැලමසු ග්‍රන්ථය ආශ්‍රිත විකෘති භාවයන් Thalassemia –  සහ කොඳු ඇට පෙළ සම්බන්ධ  ආබාධයන් මෙසේ සොයා ගන්නා නොයෙකුත් විකෘති භාවයන් වේ.

දරු උපතට පසු සොයාගැනීම්

දරු උපතේදි හෝ දරුවා ඉපදී මසක කාලයකදී දරුවාගේ විකෘතිස්වභාවයන් හඳුනා ගත හැක.   ස්කෑන් පරීක්ෂණය මගින් ශ්‍රී ලංකාවේ දරුවන්ගේ උපතෙන් පසු අසාමාන්‍යතාවයන් සොයා ගත හැක.  දරුවාගේ අංග චලන හැකියාව, ප්‍රතිරූපය සාමාන්‍ය ප්‍රතිචාර සහ බබාගේ වැඩීම පිළිබඳව මාසිකව විමර්ශනය කිරීමෙන් දරුවාගේ විකෘති ස්වභාවයන් නිරීක්ෂණය කළ හැක.

බබාලාගේ සාමාන්‍යයෙන් දක්නට ඇති විකෘති ස්වභාවයන් :

  • නියමිත ලෙස වැඩී නොමැති ශාරීරික අවයවයන්
  • ( වෛද්‍ය විද්‍යාවේ) මොන්ගෝල්භාවය
  • ස්නායු සම්බන්ධ විකෘතිභාවය
  • තැලමසු ග්‍රන්ථිය ආශ්‍රි විකෘති භාවයන්
  • සහජ හදවත් රෝග
  • මොළය සම්බන්ධ දුර්වලතා
  • ඉගෙනීමේ දුර්වලතා
  • කන් ඇසීමේ දුර්වලතා
  • ඇස් පෙනීමේ දුර්වලතා
  • විකෘති පාද
  • ප්‍රජනක සහ මුත්‍රා මාර්ගයේ  අසාමාන්‍යතාවයන්
  • මොළය නියමිත පරිදි නොවැඩීමේ විකෘති ස්වභාවය
  • මොළයේ හෝ ස්නායු මාර්ගයේ විකෘති භාවයන් සහ/හෝ ඒවායේ ආරක්ෂක ආවරණයන්හි ඇති විෂමතා
  • ශාරීරික හෝ මානසික විකෘතිතාවයන්මෙම විකෘති භාවය ඇතිවන්නේ කළල අවස්ථාවේදී මව අධික ලෙස මත්පැන් පානය කිරීම හේතුවෙනිමෙය ශ්‍රි ලංකාවේ  එතරම් ව්යාප්ත වූ විකෘති තත්ත්වයක් නොවේ.

අසාමාන්‍යතාවයන් ඇති බබාලාව බලා ගැනීම

ශ්‍රී ලංකාවේ ඉහත සඳහන් අසාමාන්‍ය තත්ත්වයන් ඇති බබාලා ඇති මව්වරුන් සෞඛ්‍ය වේදීන් සමඟ සාකච්ඡා කර, ඔවුන් හරහා තම දරුවන්ගේ ඇති අසාත්මිකතාවයන් විනිශ්චය කර, ඒ සඳහා ලබා දිය යුතු නියමිත ප්‍රතිකාර පිලිබඳ සැළකිලිමත් විය යුතුයි.

ගත යුතු ක්‍රියා මාර්ගයන් :                                    

  • ඔබේ දරුවාගේ විකෘති සවභාවය පිළිබඳ පර්යේෂණ ආයතන විශේෂ සැළකිල්ලක් දක්වනු ලැබේ
  • බබාගේ රෝගය පිලිබඳ ඇති පොත් කියවා, ප්‍රශ්ණ අසා සහ අන්තර් ජාලයෙන් පිලිබඳ හොඳින් දැනුවත් වන්න.
  • ඔබේ චිත්ත ආවේග වලින් මිදී, හොඳින් ශක්තිමත් වන්න. ඔබේ බබාට ගොඩක් ආදරය සහ සැළකිල්ල අවශ්‍ය වේ.
  • උපදේශකයන්ගේ සහය පතන්න. ඔවුන් ඔබේ බබාගේ අසාමාන්යතාවය පිලිබඳ සහ එයට අනුරූපව ඔබ කෙසේ හැඩ ගැසිය යුතුදැයි ඔබව දැනුවත් කරාවි.
  • යහළුවන්ගෙන් සහ පවුලේ සාමාජිකයන්ගේ උපකාර ලබා ගන්න
  • බබාට සාමාන්‍ය පරිසරයක් නිර්මාණය කරන්න
  • බබාගේ සහෝදර සහෝදරියන් මේ පිලිබඳ දැනුවත් කර, ඔවුන්ගේ බිය පහ කරන්න. බබා සමඟ බැඳීමක් ඇති කරවන්න.
  • මෙම අසාමාන්‍ය තත්වයන් ඇති බබාලාටත් අනෙක් සාමාන්‍ය දරුවන්ට අවශ්‍ය ආදරය, සැළකිල්ල සහ මිත්‍රශීලී භාවය අවශ්‍ය බව මතක තබා ගන්න.
  • පරණ කතා වලට ඇහුම්කන් දෙන්න එපා

ශ්‍රි ලංකාවේ මේ හා සම්බන්ධව ඇති පහසුකම්

ලෝක සෞඛ් සංවිධානය WHO –  අසාමාන්‍ය දරු උපත් පිලිබඳව දෙමව්පියන් වෙනුවෙන් බොහෝ වැඩ මුළු සංවිධානය කර ඇත.

( වෛද්‍ය විද්‍යාවේඅංගවිකලභාවය Down Syndrome – ළමුන්ට උදවු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ බොහෝ පාසැල්  සහ පුද්ගලික ගුරුවරුන් ඇත.

සහජ හෘද අබාධ සහ  ප්‍රජනක හෝ මුත්‍ර මාර්ගයේ ඇති විකෘති ස්වභාවයන් පිළිබඳ ඉතා හොඳ සැළකිල්ලක් රජයේ සහ පුද්ගලික රෝහල් වලින් දැන් ලබා දෙනු  ඇත. නොයෙකුත් ශල්‍යකර්ම මාර්ගයෙන් නැවත යථා තත්වයට පත් කර ගත හැකිය.  ලංකාවේ මේ හා සම්බන්ධව ඇති පහසුකම්

අවදානම පිළිබඳ දැනුවත් වන්න

අසාමාන්‍ය දරු උපත් සම්බන්ධයෙන් ඇති අවදානම පිලිබඳ,  ගැබ් ගැනීමකට ලැහැස්ති වන දෙමව්පියන් වෛද්‍යවරයා සමඟ කතා කරන්න.  ශ්‍රී ලංකාවේ අසාමාන්‍ය දරු උපත් වැඩි වෙමින් පවතී.  එමනිසා පහත සඳහන් කරුණු පිලිබඳ වැඩි අවධානය යොමු කළ යුතු වේ.

  • වයස වැඩි වීම
  • පවුලේ පාරම්පරිකව පැවතෙන ජාන විෂමතා
  • කළින් දරුවන්ගේ ඇති අසාමාන්‍ය ලක්ෂණ
  • අනිසි පැවතුම්
  • සැර බෙහෙත් වර්ග පාවිච්චිය

ඔබේ සහ පවුලේ ඇති සියළුම ආකූලත්වයන් පිලිබඳ ඔබේ වෛද්‍යවරයාට දන්වන්න.  එවිට නිසි  පරීක්ෂණ මගින් ඔබ අසාමාන්‍ය දරු උපතකට අවදානමක් තිබේදැ’යි දැන ගත හැකිය.  එසේනම්, ශ්‍රී ලංකාවේ දැනට ඇති නොයෙකුත් දරු උපත් ක්‍රම භාවිතා කළ හැකිය.

ඔබ ගර්භනී වීමට බලාපොරොත්තුවක් ඇත්නම්, ඔබේ තවමත් උපත ලබා නැති දරුවාගේ සෞඛ්‍ය සම්පන්න බව පිලිබඳ වැඩි අවධානයක් යොමු කරන්න.

#earlychildhoodbirths #downsyndrome #takecareoftheunusualbabies

note

The post අස්වාභාවික දරුවන් හදා වඩා ගැනීම appeared first on mummypages.lk-Pregnancy and Parenting.


Viewing all articles
Browse latest Browse all 100

Trending Articles